Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

දෙරට අතර එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුළත්.

පළමු තරගය අද පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

දිවා තරගයක් ලෙස එය පැවැත්වෙනු ඇති. 

ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිසේත්ම අවතක්සේරු නොකරන බවයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ.


ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසුගිය සිම්බාබ්වේ එක්දින තරඟාවලියේදී අසාර්ථක වුවත් ඔවුන්ට තවත් අවස්ථා කිහිපයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක  කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් සඳහන් කළේ.