Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරඟාවලියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නැත්තේ ඇයි - කුසල්ගෙන් අනාවරණයක්




ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නම් නොකිරීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්ණ කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ ඉදිරි ලෝක කුසලාන එක්දින තරඟාවලිය පදනම් කරගනිමින් මෙම සංචිතය නම්කර ඇති බවයි.


සිම්බාබ්වේ සමඟ පැවැති එක්දින තරඟාවලියට සමාන සංචිතයක් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන අද තරඟයේදී ක්‍රීඩා කරනු ඇති බවයි  ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ.


ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත සහ පිතිකරුවන්ට වාසි සහගත තණතීරුවක් අද දිනයේ ක්‍රීඩා කිරීමට ලැබෙනු ඇති බවට තමා විශ්වාස කරනු ඇති බවයි කුසල් මෙන්ඩිස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2 යි 30 ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය ආරම්භ වීමට නියමිතයි.