Monday, April 29, 2024

General line - 0115112241

පකිස්තාන මහ මැතිවරණයේ ප්‍රථිපල මන්දගාමී වෙයි - ඉම්රාන් ඛාන්ගේ අපේක්ෂකයින් ඉදිරියෙන්




ඊයේ පැවැත්වුණු පකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රතිපල නිකුත් කිරීම මන්දගාමී බවට ද චෝදනා එල්ල වෙමින් ඇති බවයි.

කෙසේවෙතත් දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව මේවනවිට සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ සාමාජිකයින් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.

එම පක්ෂයට එල්ල වූ  බලපෑම් හමුවේ ඔවුන් ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව දැනට නිකුත් කර ඇති ප්‍රතිපල අනුව පකිස්තාන ජාතික සභාවේ ආසන 266 න් ආසන 49 ක් ජය ගෙන ඇත්තේ පි ටී අයි පක්ෂයේ සාමාජිකයින් විසින්.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරිෆ් නියෝජනය කරන පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් පක්ෂය ආසන 42 ක් සහ පකිස්ථාන මහජන පක්ෂයට ආසන 34 ක් පමණක් දැනට හිමිකර ගෙන සිටිනවා.