Monday, April 29, 2024

General line - 0115112241

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ටී කේ ජී කපිල




උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලික විස්සයි විස්ස පුහුණු තරඟ සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයින් 15 දෙනෙකු, පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

උගන්ඩා  ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට ක්‍රීඩා කරනු ලබනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් එම තරඟ සදහා යොමු කෙරෙනු ඇති.

තරඟ සියල්ල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 12 සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.