Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගන් ශ්‍රී ලංකා දෙවන එක්දින තරඟය අද




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන එම තරඟය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 02 යි 30 ටයි.

ශ්‍රී ලංකාව අද තරඟයට මුහුණ දෙන්නේ ඉහළ මානසිකත්වයකින් යුක්තවයි.

ඒ, දෙරට අතර පැවති පළමු එක් දින තරඟය වාර්තා කිහිපයක් මධ්‍යයේ ජය ගැනීම හේතුවෙන්. 

එහිදී වේගවත් පිති හරඹයක නිරත වූ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210ක් රැස් කළා.

ඒ, පන්දු 139ක් තුළ 4 පහර 20ක් සහ 06 පහර තුනක් සමගින්.

ඔහුට අනගි සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් රැස් කර සිටියදී දැවී ගියා.

කෙසේවෙතත් කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 381ක් රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟය ජය ගනු ලැබුවේ ලකුණු 42කින්. 

මේ අතර පැතුම් නිස්සංක විසින් බිඳහෙලූ සිය වාර්තාව සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ මොහොතේ අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය මෙහිදී පැහැදිළි කළා.


හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය නෙත් නිවුස් සමග සිදු කළ සම්පූර්ණ විශේෂ සාකච්ඡාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.