Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 309 ක ඉලක්කයක්




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන  දෙවැනි  එක්දින එක්දින තරගය මෙවනවිට  මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පැවැත්වෙනවා.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ  එක් වෙනසක් සිදු කර තිබුණා.

පළමු එක් දින තරඟයේදී ආබාධයකට ලක් වූ ශ්‍රී  ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු  ශ්‍රී ලංකා සංචිතය කැඳවා තිබුණා.

කාසිය  වාසිය දිනාගත්  ශ්‍රී  කණ්ඩායමේ  නායක කුසල්  මෙන්ඩිස්  පළමුවෙන් පන්දුවට  පහර දිමට තිරණය  කළා.

ඒ අනුව ශ්‍රී ලංකා  කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේදී  කඩුලු  06 පමණක්  දැවි ලකුණු  308  ලබා ගත්තා.

ආරම්භක  පිතිකරුවන්  ලෙස පිටියට  පිවිසි පැතුම් නිස්සංකට සහ අවිශ්ක  ප්‍රනාන්දුට  වැඩි වේලාවක් පිටියේ  රැදි සිටිම ඇෆ්ගනිස්තාන පන්දු  යවන්නන්  ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ පළමු  කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 18 ක් ලබා සිටි යදි දැවි ගිය අතර අවිශ්ක  ප්‍රනාන්දු  ලකුණු  05 කට දැවි ගියා.

ඉන් අනතුරු  පිටියට පැමිණි  නායක කුසල්  මෙන්ඩිස්  සහ සදීර  සමරවික්‍රම  තුන්වන කඩුල්ල  වෙනුවෙන්  ලකුණු  103 සබදතාවක් ගොඩ නැගුවා.  

තුන්වන කඩුල්ල ලෙස සදිර සමරවික්‍රම ලකුණු  52 කට සහ නායක කුසල් මෙන්ඩිස් සිව්වන කඩුල්ල ලෙස ලකුණු  61 ක් ලබා සිටියදී දැවී ගියා.

පස්වන කඩුල්ල ලෙස ජනිත් ලියනගේ ලකුණු  50 ලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රීඩා කරමින් පන්දු 74 කදි හතරේ පාරවල් 09 සහ හයේ පාරවල් 02 සමගින්  ලකුණු 97 නොදැවී ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 309 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඇෆ්ගනිස්තා  කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර 20 අවසානයේදී  එක්‌ කඩුල්ලක්  දැවි ලකුණු 91ක් ලබාගෙන සිටියා.