Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ




ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කර තිබෙනවා.

එම තරඟාවලිය ලබන 17,19 සහ 21  යන දිනයන්හිදී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී   පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයට ක්‍රීඩකයින් 16දෙනෙකු ඇතුළත් වන අතර නායකයා වන්නේ වනිඳු හසරංගයි.

උප නායකත්වයට චරිත් අසලංක නම් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වනවා.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ ද එම සංචිතයට අයත්. 

මෙම සංචිතය සඳහා දුෂ්මන්ත චමීර තෝරාගෙන තිබූ අතර එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු වෙනුවට සංචිතයට බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

දිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රමද ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.