Monday, April 29, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපූ පක්ෂ 02 පකිස්තානයේ බලය වෙනුවෙන් එක්වෙයි




පකිස්තානයේ හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය එක්වයි.

2022 වසරේ ඉම්රාන් ඛාන් බලයෙන් පහ කළේද මෙම පක්ෂ 02 එක්වයි. 

කෙසේවෙතත් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය සහ  බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය එක් වුවද බහුතර බලයක් ඔවුන්ට නොමැති බැවින් ස්වාධීන අපේක්ෂකයන් ද හවුල් කර ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ තම බාල සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ් බව මුස්ලිම් ලීගයට නායකත්වය දෙන නවාස් ෂරීෆ් මේ අතර පවසා තිබෙනවා.

මේ අතර සිරගතකර සිටින තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි තක්ෂින් ෂිනවාත්‍රාට නිදහස ලබා දී තිබෙනවා.

ඒ, සිරදඬුවමෙන් අඩක් හොඳ කල් ක්‍රියාවෙන් ගෙවා දැමීම හේතුවෙන්.

තක්ෂින් ෂිනවාත්‍රා 2001 වසරේදී තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්වූ අතර 2006 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් ධුරයෙන් පහ කෙරුණා.