Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද




මීළඟ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වන විට ශක්තිමත් කණ්ඩායමක් බිහි කර ගැනීමට හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

මේ වන විටත් ඒ සඳහා ස්ථාවර අඩිතාලමක් ගොඩනඟා ඇති බවයි ඔහු පවසන්නේ.

අවසන් වරට පැවති එක් දින ලෝක කුසලානයේදී සිදු වූ බිඳ වැටීමෙන් පසු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශක්තිමත් ලෙස ඉදිරියට පැමිණෙමින් ඇති බව පුහුණුකරුගේ අදහසයි.

අසිත ප්‍රනාන්දු වැනි මෑත කාලීනව සිදු කළ නව අත්හදා බැලීම්ද සාර්ථක බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි.