Monday, April 29, 2024

General line - 0115112241

ලොව දැවැන්තම එක්දින මැතිවරණය ඉන්දුනීසියාවේදීයි




ඉන්දුනීසියානු මැතිවරණය අද පැවැත්වෙනවා.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 200කට අධිකයි.

විවිධ දූපත් 17,000කදී වෙලාවන් තුනකදී මැතිවරණය ආරම්භ වීමට නියමිතයි.

මෙම මැතිවරණයෙන් ඡන්ද දායකයින්ගේ ඡන්දයෙන් ජනාධිපති, උප ජනාධිපති හා ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින්ද තෝරාගනු ඇති.

කිසිවෙකුට සරල බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජූනි මාසයේදී අතුරු මැතිවරණයක් පැවැත්වීමටද නියමිතයි. 

ඉන්දුනීසියාව යනු ඉන්දියාව සහ අමෙරිකාවට පසු ලොව මැතිවරණයක් පැවැත්වෙන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වනවා.

එමෙන්ම එක්දිනක් තුළ ලොව පැවැත්වෙන දැවැන්තම මැතිවරණය වන්නේද මෙයයි.