Monday, April 29, 2024

General line - 0115112241

මිලියනයක් පැමිණි අමෙරිකාවේ සුප්‍රකට පාගමනකට වෙඩි ප්‍රහාරයක්




අමෙරිකාවේ කැන්සාස් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා ඇති බවට තහවුරු වන සංඛ්‍යාව 20 කට  අධිකයි.

ඒ අතරට ළමුන් 11 දෙනෙකු ද අයත්. 

මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ අමෙරිකාවේ කැන්සාස් නගරයේ පැවැති සුපර් බෝල් නම් සුප්‍රකට රැළියකටයි.

සුපර් බෝල් යනු එක්සත් ජනපදයේ ජාතික පාපන්දු ලීගයේ වාර්ෂික ලීග් ශූරතා තරගයයි.

එහි ජයග්‍රහණය සැමරීම සඳහා පැවැති මෙම රැළියට මිලියනයකට ආසන්න පිරිසක් සහභාගී වි තිබෙනවා. 

රැළිය පැවැත්වෙන අතරතුර ඊට කඩා වැදුනු පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන්  ආරක්ෂක අංශ විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එවැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ.