Monday, April 29, 2024

General line - 0115112241

ජපානය පසු පසට ඇද දමා ජර්මනිය ලොව තුන්වන ආර්ථික බලවතා වෙයි




ජපානයේ ආර්ථිකය අනපේක්ෂිත ලෙස අවපාතයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව කාර්තු දෙකකදී අඛණ්ඩව ජපාන ආර්ථිකයේ කඩාවැටීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

2023 වසරේ අවසන් මාස තුනේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය අපේක්ෂිත අගයට වඩා සියයට බිංදුවයි දශම 4 කට වඩා වැඩි අගයකින් අවපාතයට ලක්ව තිබෙනවා.

2023 වසරේ තුන්වන කාර්තුවේදී ජපාන ආර්ථිකය සියයට බිංදුවයි දශම 3 යි 3 කින් අවපාතයට ලක්ව ඇතැයි එරට ආර්ථික දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

පවතින තත්ත්වය හමුවේ ලොව තුන්වන විශාලතම ආර්ථිකය ලෙස ජපානයට තිබූ ස්ථානය අහිමිවී ගොස් ඇති බවයි ජපාන කැබිනට් කාර්යාලය පවසන්නේ.

ඒ අනුව ජපානය අභිබවා ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් අතර තුන් වන ස්ථානයට ජර්මනිය පැමිණ ඇතැයි වාර්තා වනවා.

නවතම වාර්තා අනුව ජපාන ආර්ථිකයේ සමස්ථ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 යි දශම 2 ක් වනවා.

නවතම වාර්තා අනුව ජර්මානු ආර්ථිකයේ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 යි දශම 4 ක්.