Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරඟයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි 20 තරඟාවලියේ පළමු තරඟය හෙට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ, දිවා රාත්‍රී තරඟයක් ලෙසයි. ඊට අදාළ සියලුම ප්‍රවේශපත්‍ර මේ වන විටත් විකිණී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම තරඟයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඊයේ දිනයේ දඹුල්ල ක්‍රීඩාංගණය අසල දිගු පෝළිම් දක්නට ලැබුණා. 

දෙරට අතර දෙවන විස්සයි 20 තරඟය ලබන 19 වනදා පැවැත්වීමට නියමිත අතර තුන්වන තරඟය පැවැත්වෙන්නේ ලබන 21 වනදායි. දෙරට අතර පැවති එක්දින තරඟාවලියේ ජය 3 ට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමි කරගත්තා.