Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරි විස්සයි විස්ස තරග දෙකෙහි ටිකට්පත් විකිණී අවසන් - ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි




ශ්‍රී ලංකා කණ්ඩායම  සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහි ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

මේ හේතුවෙන් තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවගෙන් දැනුම් දෙන්නේ.

එමෙන්ම  ප්‍රවේශපත්‍ර අවසන් වීම හේතුවෙන් දඹුල්ල සහ කොළඹ පිහිටුවා තිබූ ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වසා දැමීමට ද තීරණය කර තිබෙනවා 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 18,000 දසකට වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණි බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට දිනයේ පැවත්වෙන අතර දෙරට අතර අවසන් සහ තුන්වන විස්සයි විස්ස තරගය එළඹෙන 21 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පන්දුවාර විස්සයි  විස්ස පළමු  තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4 ක තියුණු ජයක් හිමි කර ගත්තා.