Monday, April 29, 2024

General line - 0115112241

යුක්රේන ජනපතිගෙන් අමෙරිකාවට සැර ප්‍රකාශයක්




යුක්රේනය මේවනවිට සැලකිය යුතු අයුරින් ආයුධ හා උණ්ඩ හිගයකට මුහුණ දී සිටිනවා.

මේ සම්බන්ධයෙනව් වඩාත් කතාබහට ලක්වුණේ යුක්රේනයේ නගෙනහිර කලාපයේ පිහිටි නගරයක් වන අව්ඩිව්කා නගරය රුසියානු හමුදාව විසින් අල්ලා ගැනීමත් සමගයි.

ආයුධ හිගය හේතුවෙන් එම ප්‍රදේශයෙන් පසුබැසීමවට යුක්රේන හමුදාවට සිදුවූ බවයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ.

මේ අතර යුක්රේනයේ පසුබෑම අමෙරිකාව තුල ද දේශපාලන අර්බුදයක් මතුකර ඇති බවයි පැවසෙන්නේ.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමෙරිකානු ඩොලර් බිලියන 95 ක විදේශීය ආධාර පැකේජයකට සෙනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණා.

විදෙස් වාර්තා පැවසුවේ එම මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පාක්ෂිකයින් විසින් ආධාර පැකේජය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එම ආධාර ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 60 ක් යුක්රේනයේ යුධ ආධාර සඳහායි.

කෙසේවෙතත් මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයට දොස් පවරා තිබෙනවා.

එමෙන්ම ඔහු යුක්රේන ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇත්තේ අදාළ ආධාර මුදල ලබා දෙන බවයි.

මේ අතර ජර්මනියේ පැවැති ආරක්ෂක සමුළුවට එක්වෙමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි බටහිර මිතුරු රටවල් සඳහා වාග් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඔහු එහිදී පවසා ඇත්තේ යුද්ධය අවසන් වන්නේ කවදාදැයි යුක්රේනයෙන් නොවිමසන ලෙසයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවදුරටත් යුද්ධය ඉදිරිපයට ගෙන යන්නේ ඇයිදැයි ඔබගෙන්ම අසන ලෙසයි යුක්රේන ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.