Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන දෙවන විස්සයි විස්ස තරඟය අද රාත්‍රියේ




ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී එම තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 07ටයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වගකීම් සහගත ක්‍රීඩා විලාසය හා පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේයි.

ඒ අනුව තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟය ජය ගනු ලැබුවේ ලකුණු 04කින්. 

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කලා.

කෙසේවෙතත් පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර කිරීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි.

පන්දුවාර 04දී ලකුණු 24ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් බිද හෙලූ මතීෂ පතිරණ එම තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිසෙන්නේ ඉහළ මානසිකත්වයකින්.

අද තරඟයද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජය හිමි කර ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වනවා.

දෙරට අතර පැවති ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබුවා.

එමෙන්ම දෙරට අතර පැවති එක් දින ක්‍රිකට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගනු ලැබුවේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.