Friday, November 15, 2024

General line - 0115112241

ගුරු විදුහල්පතිවරුනුත් යළි සටනේ




ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යළි උද්ඝෝෂණ මාලාවක් අද සිට ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි එම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව  මහනුවරදී අද දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවද ඔහු කියා සිටියා.


සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී වර්ජනයක නිරත වීමට සිදු විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.