රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පානදුරේ සලිදු නොහොත් සළිදු මල්ෂික ගුණරත්න ඇප මත මුදා හරින්නැයි පානදුර මහාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු නිදහස් කරන ලෙසයි පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කළේ.
එම ශරීර ඇපවලට අමතරව සැකකරුට දැඩි ඇප කොන්දේසිද නිකුත් කර තිබෙනවා.
පානදුරේ සලිඳු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැණුනා.
ඉන් අනතුරුව ඔහු දිවයිනට රැගෙන ඒමෙන් පසු පොලීසිය විසින් ඔහු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කළා.
ඒ, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා කරමින්.
නීතිඥවරුන් 08 දෙනෙකු ඔහු වෙනුවෙන් පෙනීසිට තිබෙනවා. නඩුව ලබන වසරේ පෙබරවාරි 10 දින යළි කැදවීමට නියමිතයි.