2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත 2024 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙම අයදුම්පත සම්පූර්ණ කල හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
අයදුම්පත් භාරගැනීම 2025 ජනවාරි මස 15 වන දින රාත්‍රී 09ට අවසන් වනවා.
එම විභාගයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන සහ විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම සහ මුරපද මේ වන විට නිකුත් කර තිබෙනවා.
පරිශීලක නාම සහ මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.