Monday, April 29, 2024

General line - 0115112241

වසර පහකට පසු විස්සයි විස්ස තරඟාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද පිටියට




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි 20 තරඟය අද පැවැත්වෙනවා.

රාත්‍රී 7 ට තරඟය ආරම්භ වන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ දෙකම ජයගෙන ශ්‍රී ලංකාව දැනටමත් තරඟාවලිය ජයගෙන අවසන්.

ශ්‍රී ලංකාව අද තරඟයට පිවිසෙන්නේ එක්දින තරඟාවලියේ මෙන් පූර්ණ විස්සයි 20 තරඟාවලි ජයක් ලබාගැනීමේ අරමුණ ඇතිවයි.  

ශ්‍රී ලංකාව අවසන් වරට පූර්ණ පන්දුවාර විස්සයි 20 තරඟාවලියක් ජයගෙන ඇත්තේ 2019 වසරේදී පාකිස්තානයට එරෙහිවයි.

මෙම තරඟයෙන් පසු එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ තවත් ජාත්‍යන්තර පන්දුවාර විස්සයි 20 තරඟ 03 ක් පමණයි.

එම විස්සයි 20 තරඟාවලිය බංග්ලාදේශය සමඟ ලබන මාර්තු 4 වනදා ආරම්භ වනවා.