Sunday, September 8, 2024

General line - 0115112241

රුසියානු යුක්‍රේන සංචාරකයින්ට කළ දැනුම්දීම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්




පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.

මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මීට පෙර වාර්තා වුණේ මෙරට දීර්ඝ කාලීනව සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට රට හැර යාමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දින 14ක කාලයක් ලබා දී ඇති බවටයි.