Saturday, July 27, 2024

General line - 0115112241

කතානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්




කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය විසින් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබීම අද ආරම්භ කළා.

කතානායකවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් එලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, ශාන් විජලාල්ද සිල්වා ඇතුළු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අත්සන් තබා තිබෙනවා.