Sunday, April 28, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති සටනට ට්‍රම්ප් සහ බයිඩ්න්




ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම් තහවුරු වී තිබෙනවා.

ඒ, අපේක්ෂකයින් තෝරාගැනීමේ ප්‍රාථමික මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුවයි.

එහිදී ඩිමොක්‍රටික් පක්ෂයේ පෙරමුණ ගැනීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සමත් වුණා.

බයිඩ්න් විසින් ප්‍රාන්ත 14ක ඩිමොක්‍රටික් ජය තමන් සතු කර ගත්තා.

ඔහු ව්‍යාපාරික ජේසන් පාමර් හමුවේ පරාජය වූයේ සැමෝවා ප්‍රදේශය පමණයි. 

කෙසේවෙතත් අපේක්ෂකත්වය සඳහා රිපබ්ලිකන් පක්ෂය තුළ හට ගත්තේ තරඟකාරී තත්ත්වයක්.

ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිවාදියා වන නිකී හේලි අතරයි.

එහිදී ට්‍රම්ප් විසින් ප්‍රාන්ත 14ක රිපබ්ලිකන් ජය තමන් සතු කර ගත්තා.

ඔහු හේලි හමුවේ පරාජය වූයේ එක් ප්‍රාන්තයක් පමණයි. පසුව ඇය ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කළා. 

ලොවම බලා සිටි ප්‍රාථමික මැතිවරණවල ඉතාමත් වැදගත් දිනයක් ඊයේ දිනට යෙදී තිබුණු අතර එය නම් කර තිබුණේ සුපිරි අඟහරුවාදා එනම් Super Tuesday නමින්.