Saturday, April 27, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්




මේ දක්වා පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනවා.

ඒ අනුව මේ දක්වා පෙළ පොත් ලැබී නොමැති පාසල් වේ නම් 011 278 48 15 හෝ 011 278 53 06 යන දුරකතන අංක වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

මේ දක්වා නිල ඇඳුම් රෙදි නොලැබුණ පාසල් වේ නම් ඒ සම්බන්ධයෙන් 0112 78 55 73 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනවා.

රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම සඳහා පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත මේවනවිටත් ලබාදී අවසන් බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.