Saturday, April 27, 2024

General line - 0115112241

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක්




අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දැනට වැවිලි බෝගයක්  වශයෙන් නොව අතුරු වගාවක් ලෙස රටේ සෑම තැනකම ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලේ බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37යි දශම 5ක්.