Sunday, January 26, 2025

General line - 0115112241

අවුරුදු නැකැත් කමිටුවේ පිල් මාරුවක් - අර්බුදයට හේතුවත් හෙළි වෙයි




2024 සිංහල අලුත් අවුරුද්ද සඳහා රාජ්‍ය නැකැත් කමිටුව සකස් කළ නැකැත් වේලාවන් යහපත් බව අනුමත කර ඒ සඳහා අත්සන් කළ එම නැකැත් කමිටුව නියෝජනය කරන සාමාජිකයෙකුද මේ වන විට ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමය සමග එක්ව සිටින බව රාජ්‍ය අවුරුදු නැකැත් කමිටුව චෝදනා කරනවා.

ඔහු මේ වන විට අවුරුදු නැකැත් කමිටුව සකස් කළ නැකැත් වේලාවන් විවේචනය කරමින් සිටින බවයි අවුරුදු නැකැත් කමිටුවේ සාමාජික ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී ජී එම් ගුණපාල පැවසුවේ.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු එම අනාවරණය සිදු කළා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.