එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
මූලික වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසුවේ ඉදිරි දින කිහිපයක තුළ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.