Sunday, May 5, 2024

General line - 0115112241

IPL පළමු තරගයේ ජය චෙන්නායි කණ්ඩායම හිමි කර ගනී




ලොව වැඩිම මුදලක් සංසරණය වන ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරගාවලියේ සිය අභීමානය රැක ගැනීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර කඩුලු 06ක ජයක් වාර්තා කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 173ක් රැස් කලා.

චෙන්නයි කණ්ඩායම නියෝජනය කරමින් මහීෂ් තීක්ෂණ තරග වැදුනු අතර ඔහු යැවූ පන්දුවාර 04දී ලකුණු 36ක් ලබා දුන්නා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල චෙන්නයි කණ්ඩායම 19වන පන්දුවාරයේදී තරගය ජය ගත්තා.

මෙම තරගයේදී ඉන්දියාව බිහිකල සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේන්ද්‍ර සිං දෝනි හා විරාත් කෝලි එකිනෙකාට එරෙහිව තරග වැදි අතර දෝනි චෙන්නයි කණ්ඩායම නියෝජනය කල අතර කෝලි බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළා.

මෙතෙක් IPL ඉතිහාසයේ සාර්ථකම නායකයා ලෙස සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි මෙම තරගයේදී චෙන්නයි කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කර තිබීමද කැපී පෙනෙන සිදුවීමක් වුණා.