Friday, May 3, 2024

General line - 0115112241

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 40ක් මරුට




රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නාට්‍ය ශාලාවක් තුලදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එහි නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබියදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ප්‍රහාරයත් සමග එම රංග ශාළාව දුමාරයෙන් වැසී ගොස් ඇති අතර මේ හේතුවෙන් අනතුරට ලක්වූවන් මුදාගැනීමට සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් යොදවා තිබෙනවා.

එම ස්ථානයට ගිලන් රථ 50 ක් පමණ ද යොමු කළ බවද එරට සෞඛ්‍ය අංශ පවසනවා.

කැළෑ සටන් ඇදුමෙන් සැරසුනු පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබමින් එම නාට්‍ය ශාලාවට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.