Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ලකුණු 211 ඉදිරියෙන්




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වනවිට කඩුළු 5 ක් දැවී ලකුණු 119 ක් රැස්කර ගෙන සිටියා.

පළමු කඩුල්ල ලෙස නිශාන් මධුෂ්ක ලකුණු 10ක් ලබා සිටියදී දැවි ගියා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 3කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 22 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හතර වන කඩුල්ල ලෙස කිසිදු ලකුණක් ලබා නොසිටි දිනේෂ් චන්දිමාල් දැවී ගියා.

ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න දැවී ගියේ එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් රැස් කර සිටියදීයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 23 ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 2 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටිනවා. 

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 280 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිම සදහා රැස් කිරීමට හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 188 ක් පමණයි.

ඒ අනුව දෙවනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලකුණු 211 ක් ඉදිරියෙන් පසු වනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය හෙටයි.