Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5 ක් දැවි ලකුණු 119 ක් රැස් කරගෙන සිටියා.

නායක ධනංජය ද සිල්වා ලකුණු 23 ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 2 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කර සිටියදී දැවී ගියා.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්. ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 22 ක් පමණයි.

නිශාන් මධුෂ්ක ලකුණු 10කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 3කටත් දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවීයාමද විශේෂත්වයක්.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 280 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිම සදහා රැස් කිරීමට හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 188 ක් පමණයි.

ඒ අනුව දෙවනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගය නිමා වනවිට ලකුණු 211 ක් ඉදිරියෙන් පසු වුණා.