Monday, April 29, 2024

General line - 0115112241

නීති විරෝධී දුමිවැටි තොගයක් සමඟ කාන්තාවක් පේදුරුතුඩුවේදී  STF අත්අඩංගුවට




තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුමිවැටි අලෙවි කරමින් සිටි කාන්තාවක් පේදුරුතුඩුව ප්‍රදේශයේදී  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි දකුණ, 7 to 11 නැමති වෙලදසැල තුල සිදු කරන ලද වැටලීමකදී 

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුමිවැටි 118 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ  පූලෝලි දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක කාන්තාවක්.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ  සිගරට් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.