Monday, April 29, 2024

General line - 0115112241

අවුරුදු නැකැත් සීට්ටුව ගැන රජයෙන් දැනුම් දීමක්




රාජ්‍ය නැකැත් කමිටුව විසින් ප්‍රකාශයට පත්කල නැකැත් සීට්ටුවට අනුව එළබෙන සිංහල අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර ඉටුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්. එම නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීණ ජෝතිර්යවේදින් 20දෙනෙකුගෙන් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුව විසින් බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව විසින් ප්‍රකාශයට පත්කල නැකැත් චාරිත්‍ර ඉටුකරන ලෙස එම අමාත්‍යංශය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙනු ලබනවා.

කෙසේවෙතත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් ප්‍රකාශයට පත්කල නැකැත් අසුභ යැයි පවසමින්  ජාතික නැකැත් කමිටුව ලෙස පෙනීසිටි  පාර්ශවයක් පසුගියදා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කලා.