Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණ ක්‍රමය සංශෝධනය හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දමන්නේ නැහැ - ආණ්ඩුවෙන් පොරොන්දුවක්




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට  අපේක්ෂා නොකරන බව අධිකරණ අමාත්‍ය  ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

1994 වසරේ සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවෙක් ඉටු නොකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම අදහස් පළ කළා.


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, විජේදාස රාජපක්ෂ.