Monday, April 29, 2024

General line - 0115112241

වියළි කාලගුණයෙන් තේ දළු නිෂ්පාදනය සියයට 60 කින් පහළට




මේ දිනවල පවතින වියළි කාලගුණය හමුවේ තේ දළු නිෂ්පාදනය සියයට 60කින් පහළ ගොස් ඇතැයි කුඩා තේ වතු හිමියන් සුරැකීමේ සංවිධානය පවසනවා.

එහි සභාපති රාජා අතුකෝරළ පැවසුවේ පොහොර ගැටළුව ද ඇතුළුව කුඩා තේ වතු හිමියන් මුහුණ දී ඇති අර්බුදය හමුවේ තේ අපනයනය සියයට 42 කින් පහළ ගොස් ඇති බවයි. 


කුඩා තේ කර්මාන්තකරුවා යළි නගා සිටුවීම සඳහා රජය සාධනීය පියවරක් අනුගමනය කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.