Monday, April 29, 2024

General line - 0115112241

රුපියල් ලක්ෂ හතළිහක් වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග ව්‍යාපාරික යුවළක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන්, රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාස්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ මෙලෙස ඉබ්බන්, ගෙම්බන්, මාලු, ඉත්තෑවන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා, තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබෙන බව රේගු නිලධාරීන් පවසනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන රේගු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.