Sunday, April 28, 2024

General line - 0115112241

යුක්තිය මෙහෙයුමෙන් රුපියල් මිලියන 9,000ට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවේ




යුක්තිය මෙහෙයුම යටතේ මේ දක්වා සිදුකල වැටලීම්වලින් රුපියල් මිලියන 9,000ට අධික මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව. 


පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ක්‍රියාත්මක වැඩපිලිවෙල සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා එහිදී කරුණු දැක්වූවා.