Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකාවටත් හෝලි.




හෝලි උත්සවය වෙනුවෙන් අමෙරිකාව ඉන්දියාව වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පැවසුවේ ඉන්දියාවේ වර්ණ උත්සවය ලොව පුරා සතුට හා මිත්‍රත්වය පතුරුවා හරිනු ඇති බවයි.

එමෙන්ම අමෙරිකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ද හෝලි උත්සවය වෙනුවෙන් සියලු ජනයා හට සුබ පැතුම් එක් කර තිබුණා.

හෝලි උත්සවයට සමගාමීව අමෙරිකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විචිත්‍රවත් උත්සවයක් ද සංවිධාන කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඉන්දියාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ද හෝලි උත්සවය විචිත්‍රවත් ලෙස සමරා තිබෙනවා.