Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය විදේශ ඇමති සිංගප්පූරුවේ සංචාරයක




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ සිංගප්පූරුවේ සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී ඔහු සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ඩිජිටල්කරණය, හරිත ආර්ථිකය, නිපුණතා සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිංගප්පූරුවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අතර සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ සම්බන්ධීකරණ අමාත්‍ය Teo Chee Hean ද වනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ද පුළුල් සාකච්ඡා වටයක් පවත්වා තිබුණා.

එහිදි ද්විපාර්ශ්වික, කලාපීය සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ගෝලීය ගැටළු පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමුව තිබෙනවා.

සිය සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිලිපීනයේ සහ මැලේසියාවේ සංචාරය කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.