Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාවේ පාලමක් කැඩූ ලංකාවට ආ නැව නිසා ගෝලීය සැපයුම් ජාලය බිඳ වැටේ




අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට පැමිණෙමින් තිබූ නෞකාවක් පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් ගෝලීය සැපයුම් ජාලයට බලපෑමක් එල්ල වනු ඇතැයි ප්‍රකාශ වී තිබෙනවා.

ජාත්‍යන්තර ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ අමෙරිකාවේ බැල්ටිමෝ වරාය ගෝලීය සැපයුම් ජාලයට වඩා වැදගත් බවයි.

සාමාන්‍යයෙන් මෙම වරාය හරහා වාහන හත් ලක්ෂ 50,000කට අධික නෞකා බහාලුම් ගමන් කර ඇති බව සඳහන්.

ඒ අතරට යුරෝපීය සුඛෝපභෝගී වාහන වර්ග ඇතුළත් බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම ගෑස් සැපයුම් ජාලයටද මෙමගින් බලපෑම් එල්ල වනු ඇති බව ජාත්‍යන්තර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

බහාලුම් පිරවූ මෙම නෞකාව මෙලෙස පාලමක ගැටී අනතුරට ලක් වූයේ අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී බවටයි මාධ්‍ය වාර්තා පළ කර තිබුණේ.

අනතුරින් පාලම කඩා වැටුණා.

ගැටුණු නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

එම පාලම ඉදිකර තිබුණේ 1977 දීයි.

පාලම ගඟට කඩා වැටුණු අවස්ථාවේ පාලම මතින් ගමන් කරමින් තිබූ වාහන 7ක් පමණ ගඟට වැටී තිබුණා. 

පසුව එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව සහන මෙහෙයුම් ආරම්භ කළ අතර මේ වන විට එය නතර කර තිබෙනවා.

ඔවුන්ගේ දත්ත උපුටා දක්වන නවතම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇති බවයි.