Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක සත්කාරකත්වය හිමිවේ




ශ්‍රී ලංකාවට යළි රටවල් කිහිපයක් සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක සත්කාරකත්වය හිමිව තිබෙනවා.

ඒ, ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව එම තරඟාවලිය එළඹෙන ජුලි 19 වනදා සිට 28 වන දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් එක් වනු ඇති.

ශ්‍රී ලංකාව තරඟ වදින්නේ බී කාණ්ඩයෙන්.

එම කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියාව තරඟ වදිනු ඇති.

ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවදානයක් හිමි ඉන්දු - පාකිස්තාන තරඟය පැවැත්වෙන්නේ ජූලි 21 වනදායි.