Monday, April 29, 2024

General line - 0115112241

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලූ පුද්ගලයින් 16 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට




ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී  පුද්ගලයින් දහසය දෙනෙකු (16)  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 52 ත් අතර වයසේ පසුවන මුලංකාවිල්, වීරවිල් සහ නච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. 

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් දහසය දෙනා සමග මුහුදු කූඩැල්ලන්  තුන්දහස් එකසිය හැත්තෑ අටක (3178) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙන අතර පසුව  ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.