Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති කියයි




ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේම සියළු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමි වන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය  කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අමතමින්.

දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි කලාප 100 ක ස්ථාපිත කර ඇති සෑම කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවකින්ම වැඩිම මනාප ලබා ගත් සභිකයින් දෙදෙනෙකු බැගින් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබනවා.