Monday, April 29, 2024

General line - 0115112241

මීරියබැද්ද නාය යෑම නැවත සක්‍රිය වෙයි




කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යෑම අද අලුයම සිට නැවත සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කොස්ලන්ද මීරියබැද්ද අංක 14 සහ අංක 15 ලයිම් පේලි නිවාස දෙකට ඉහළ කන්ද කොටසේ නාය යෑම එලෙස නැවත සක්‍රීය වී තිබෙන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ප්‍රදේශයේ කළ නිරීක්ෂණයකින් පසුව මෙම ස්ථානය මිනිසුන්ට පදිංචිව සිටීමට නුසුදුසු ස්ථානයක් ලෙස දැනටමත් නම් කර තිබෙනවා.

මීට වසර 10 කට පෙර  මෙරට විශාලතම නාය යෑමක් ලෙස මීරියබැද්ද නාය යෑම සිදු වුණා.  

මේ දිනවල පවතින  අධික වර්ෂාවත් සමග මෙම නාය යාම නැවත  සක්‍රිය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ වන විටත් නාය යෑම සිදුවන ප්‍රදේශයේ පදිංචි පිරිස් තාවකාලික කඳවුරක රඳවා තිබෙන බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.