Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්




ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, රාත්‍රී 11යි 30 දක්වා බලපැවැත්වෙන පරිදියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලටත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

එබැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.