Monday, April 29, 2024

General line - 0115112241

පොහොට්ටුවේ බැසිල්ගේ තනතුර නාමල්ට




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර තිබෙනවා.

ඒ, අද පස්වරුවේ පැවති එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදීයි.

කොළඹ විජේරාම මාවතේ දී මෙම රැස්වීම පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නව තනතුරට පත් වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.


මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.