Monday, April 29, 2024

General line - 0115112241

පිටකොටුව පාවෙන වෙළඳසැළ වසර 30කට ජපානයට




පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි සංවර්ධනය කිරීම සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා.

ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කරනු ඇතියි.

පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙසයි.

එය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතයි.

විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වනවා.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩත්තු නොවන බවට පසුගිය කාලය පුරා විවිධ චෝදනා එල්ල වුණා.

කෙසේවෙතත් රටේ ආර්ථික ගැටළු හේතුවෙන් මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා ආයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා.

මෙම ජපන් ආයෝජකයා ඉදිරිපත්ව ඇත්තේ ඒ අනුවයි.

වෙළඳ කුටි 92කින් සමන්විත පිටකොටුව පාවෙන වෙළඳපොළ 2014 වසරේ විවෘත කෙරුණා.

එහෙත් එය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මේ වන විටත් එහි වෙළදසැල් 92න් සියයට 80ක් වැසී වැසීගොස් තිබෙනවා.