Monday, April 29, 2024

General line - 0115112241

පාසල් සිසුන් 04ක් මා ඔයට බිලි




මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු අලව්ව, වළකුඹුර ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඔවුන් අලව්ව සහ පොල්ගහවෙළ ප්‍රදේශයේ පදිංචි පාසල් ළමුන්.

සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස දියේ ගිලී ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පාසලක  9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක්.

දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.

ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා.