Monday, April 29, 2024

General line - 0115112241

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු STF අත්අඩංගුවට




විදේශගතව සැඟව සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කහන විටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

මෙම පුද්ගලයා කිරිබත්ගොඩ සහ කටුනායක පොලිස් බල ප්‍රදේශවලදී විශේෂ කාර්ය  බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් මෙරටට ගෙන්වන ලද ප්‍රධාන ජාවාරම්කරු වනවා.

සැකකරු පසුගිය සමයේ ඉන්දියාවේ සැඟව සිට මෙරටට පැමිණ ඇති අතර සිය දෙවන බිරිඳ සමග නුවරඑළි ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරුට අයත් වත්තල සහ ගනේමුල්ල ප්‍රදේශවල පිහිටි සුවිසල් නිවාස දෙකක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාසය ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.