Sunday, April 28, 2024

General line - 0115112241

වැල්ලවායේදී ඇත්දල ජාවාරමක තොරතුරු හෙළි වෙයි - 10 දෙනෙකු අත්අඩංගුවට




වැල්ලවායේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඇත් දළ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

යුද හමුදාව සහ පොලිසිය එක්ව මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබුණා.

එම වැටලීමේ දී ඇත් දළ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අදාළ ඇත්දළ කුඩා කැබලිවලට සකස් කර සන්තකයේ තබාගෙන සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ඔහු සන්තකයේ තිබී ඉපැරැණි පිහියක් ද සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දස දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.